වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙත්තමළුව රක්ෂිතයේ විශාල ගින්නක් හට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබූ අතර රාත්‍රී කාලය පුරාවටම ගින්න වේගයෙන් පැතිර ගොස් තිබුණා.

ඒ හේතුවෙන් අක්කර විස්සකට අධික භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් වරින් වර නෙත්තමළුව රක්ෂිතයේ ගිනි ගැනීම් සිදුව ඇති අතර ගින්න සීග්‍රයෙන් පැතිර යාමටද එය හේතුවක් වී තිබෙනවා.

අද අලුයම වන විට ගින්න තරමක්දුරට පාලනය කරගැනීමට හැකිවී තිබු බවයි වාර්තාවුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *