වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන්නැයි ඉල්ලා ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතාට එරෙහිව නීතීඥවරයෙකු ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබෙනවා.

අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ එය රුපියල් 50 000 ක නඩු ගාස්තුවක් යටතේ නිෂ්ප්‍රභ කිරීමට අධිකරණය නියෝග කළ බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකමක් නොමැති බවට අඹ්හියෝගයට ලක් කරමින් අදාළ පෙත්සම ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අධිකරණ නියෝග ලබාදෙන ලෙසට ඉල්ලා තිබුණ.

කේසේ නමුත් මෙම පෙත්සමේ අසත්‍ය තොරතුරු ඇති බැවින් එය සැබැවින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තිය උල්ලංඝණය කර ඇති බවත් නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *