ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එහි රැඳි සිටින ජනතාව පවසන්නේ තමන් දින තුන හතරකට වැඩි කාලයක් පෝලීම්වල රැඳී සිටියද දිනකට ලබාදෙන්නේ විදෙස් ගමන් බලපත්‍ර 25ක් පමණක් බවයි ජනතාව පවසන්නේ.

අදාළ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ටෝකන් ලබාගැනීමට දින ගණනක් පෝලීම්වල රැඳි සිටියද ලබාදෙන අංක තැරැව්කරුවන් විසින් ජාවාරම් කිරීමේ තත්ත්වයක්ද උදාවී ඇති බවද ඔවුන් පැවසුවා.

පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට වව්නියාව පොලීසිය කටයුතු කරන අතර ඊයේ එම ස්ථානයේ ගැටුමක් ද ඇති වී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය හරහා දිනකට ලබාදෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කර , ජනතාවට එම ස්ථානයට පැමිණ සිටීමට නිසි ක්‍රමවේදයක්ද සකස් කළ යුතු බවට ජනතාව ඉල්ලා සිටිනවා.

උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත හා වයඹ පළාතේ බොහෝ පිරිසක් විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණෙනවා.

කෙසේ නමුත් පසුගියදා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට හිස් පාස්පොර්ට් හිඟයක් පවතින බැවින් අත්‍යවශ්‍යම නොවන්නේ නම් පාස්පොර්ට් සඳහා ඉල්ලිම් නොකරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *