එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇතැයි ද දැනගන්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මේ වන තෙක් තලතා අතුකෝරළ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රංගෙ බණ්ඩාර මහතාගෙන් විමසීමේදී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට මේ වන තෙක් ලැබී නැති බවයි.

” ලියුමක් ලැබුණොත් මං ඔයාට කියන්නම්”යැයි ද බණ්ඩාර මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *