කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණය කර තිබෙනවා.

හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය තුළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කරනු ලබනවා.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා විදේශ නඩු තීන්දු අන්‍යෝයව පිළිගැනීම , ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත [දෙවනවර කියවීම ] අපරාධ නඩු විධාන සංග්‍රහය [සංශෝඅධන ] පනත් කෙටුම්පත [දෙවනවර කියවීම] සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවනවර කියවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පසුව පස්වරු 05.00 සිට 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව [ආණ්ඩු පාර්ශවය ] විවදයට ගැනීමට නියමිතව තිබෙනවා.

සැප්තැම්බර් 04 වනදාද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාකරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.00 සිට පස්වරු 05.00 දක්වා ආනයන අපනයන [පාලන] පනත යටතේ රෙගුලාසි ද්විත්වයක් , කොළඹ වරාය නගර ආර්තික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි, උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘට්ති පනත යටතේ නියෝග දිවිත්වයක් සහ ශ්‍රි ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාද කොට සම්මත කිරීමට නියමිතයි.

ඉන්පසු පස්වරු 05.00 සිට 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව [විරුද්ධ පාර්ශවය ] විවාදයට ගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිකුත්කළ නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *