ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය දීර්ඝතම සංචාරය ආරම්භ කර ඇතිබවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට 87 හැවිරිදි වියේ පසුවන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේවනවිට පසුවන දුර්වල සෞඛ්‍ය තත්වය හේතුවෙන් මේවනවිට රෝද පුටුවක්ද භාවිත කරනවා.

කෙසේ නමුත් පාප්වහන්සේගේ අද අග්නිදිග ආසියාවේ සහ දකුණු පැසිෆික් කලාපයේ රටවල් හතරක දින 12 සංචාරය ආරම්භ කළා.

මෙය 2013 වසරින් පසු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගමන් කරන වැඩිම දුර වන අතර (කිලෝමීටර් 32,814 හෝ සැතපුම් 20,000) එය ඕනෑම පාප්වරයෙකු විසින් ආරම්භ කරන ලද දීර්ඝතම විදේශ චාරිකා ලෙසද වාර්තා ගතවනවා.

මෙම සුවිශේෂී සංචාරයේදි අන්තර් ආගමික සංවාදය සහ පරිසරය ආරක්ෂා කිරීම ඇතුළු ප්‍රධාන තේමාවන් සඳහ අවධානය යොමුකෙරෙනවා.

මෙම සංචාරය ආසියාවට නැඹුරු වීමක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමා මීට පෙර විදේශ සංචාර 44 දි දකුණු කොරියාව, ජපානය, පිලිපීනය, තායිලන්තය, මියන්මාරය සහ බංග්ලාදේශයේ සංචාරය කළා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියේ මධ්‍යම පරිපාලනයේ ඉහළ තනතුරු සඳහා පිලිපීනයේ ලුයිස් ඇන්ටෝනියෝ ටැග්ලේ සහ දකුණු කොරියාවේ ලාසරුස් යූ හියුං-සික් නම් කාදිනල්වරුන් ද පත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *