පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කු රිදී පදක්කමක් දිනාගත්තා.

ඒ F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්.

එහිදී මීටර් 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින් සමිත දුලාන් රිදී පදක්කම හිමිකර ගත් අතර ඒ අනුව F 44 කාණ්ඩයේ ඔහු විසින්ම තබා තිබූ ලෝක වාර්තාව යළි අලුත් වුණා.

මෙම තරගයේ දී ඉන්දියාව රන් පදක්කම හිමිකර ගත් අතර ඔස්ට්‍රේලියාව ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.

සමිත දුලාන් කොඩිතුවක්කු මීට පෙර 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එෆ් 44 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *