ගාල්ලට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් ආසන්න මුහුදේ දි ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

”නිහතමානී-1 ”නම් බහුදින ධීවර යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එම යාත්‍රාව පසුගිය අගෝස්තු 25 වනදා ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

එම යාත්‍රාවේ ධීවරයින් හත් දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් එහි සිටි ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති අතර අනෙක් ධීවරයින් සිව් දෙනා වෙනත් යාත්‍රාවක් මඟින් බේරාගෙන් තිබෙනවා.

එළෙස බේරාගත් ධිවාරයින් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *