ඊශ්‍රායලය ගාස තීරයට එල්ලකරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම් තම ග්‍රහණයේ පසුවන සෙසු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද මියයනු ඇති බවට හමාස් සංවිධානය ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට අනතුරු අඟවා තිබෙන්නේ.

හමාස් සංවිධානය මෙම අනතුරු ඇඟවීම කළේ හමස් සංවිධානය මුලිනුපුටා දැමීමට දිගටම මෙහෙයුම් සිදුකරන බවට ඉශ්‍රායල අග්‍රාමත්‍ය නෙතන්යාහු කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින්.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රණ ඇපකරුවන් හය දෙනෙකු ඝාතනය කළ බවට විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.

මේ හේතුවෙන් ඊශ්‍රායල ජනතාව එරට රජයට බලපෑම් කරමින් කියා සිටියේ සටන් විරාමයක් සඳහා ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න ලෙසයි.

කෙසේ නමුත් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට නොහැකිවීම සම්බන්ධව සිය කණගාටුව ප්‍රකාශ කරමින් ,බෙන්ජමින් නෙතන්යාහු එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිටත් ඊශ්‍රායල ජනතාව රජයට විරෝධය එල්ලකරමින් විරෝධතාවල නිරතව සිටිනවා.

ජනතාව පවසන්නේ ඉක්මන් සටන් විරාමයක් සඳහා යාමට තීරණය නොකළහොත් අනෙක් ප්‍රාණ ඇපකරුවන්ද මිනීපෙට්ටිවලින් නිවෙස්වලට රැගෙන ඒමට සිදුවේවි ලෙසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *