දකුණු පලාතේ ආයතන සභාපතිවරුන් දෙදෙනෙකු මැතිවරණ නීති උල්ලංගනය කරමින් එම තනතුරු වලින් ඉවත් කිරීමක් සම්බන්ධව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට මැතිවරණ කොමිෂන් සභාව වාර්තාවක් ඉල්ලා ලිපියක් යොමුකර තිබෙනවා.

කෙසේ නමුත් ඊයේ වනවිටත් ආණ්ඩුකාරවරයා විසින් කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක තනතුරු ලබාදීම, උසස්වීම් ලබා දීම, ස්ථාන මාරුකිරීම් සහා සේවයෙන් පහ කිරීම ආදී කාර්නා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වනවා.

මෙ පිළිබඳව අදහස් දක්වමින් ආණ්ඩුකාර වරයා කියා සිටියේ දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරුන්, රජයේ වාහන භාවිත කරමින් රත්ගම සහ බලපිටිය ප්‍රදේශවල මැතිවරණ කටයුතුවල නිරතවීම හේතුවෙන් ඔවුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත්කළ බවයි.

එම තනතුරු දෙක සඳහා තවත් රජයේ නිලධාරින් දෙදෙනෙකු පත්කළ බවද දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතා සඳහන් කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ රජයේ වාහන මැතිවරන කටයුතු වලට යොදානොගන්න ලෙස අදාළ නිලධාරින් දෙදෙනාටම මුලින් දැනුම් දුන් බවයි.

නමුත් තමාගේ නියෝග කඩකරමින් දිගින් දිගටම වාහන පාවිච්චි කිරීම හේතුවෙන් දෙදෙනා එම තනතුරු වළින් මෙසේ ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

මේ පිළිබඳව කරුණු දක්වා හැකි ඉක්මනින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් ලබා දීමට තමා සුදානම් බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවා.

මේ අතර ආයතන ප්‍රධානින් කිහිපදෙනෙකු ඉවත්කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂන් ගුණතිලක මහතාගෙන්ද පසුගියදා කරුණු විමසීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *