මෙරට නිෂ්පදනය කරනු ලබන සහ මෙරටට ආනයනය කරන පොල් තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමනය කිරීම සඳහා බලය පොල් සංවර්ධන අධිකාරියට පවරා තිබෙනවා.

අද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබෙනවා.

මෙරට වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන පොල් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 240 00ක් අතරින් මෙට්‍රික් ටොන් 40000ක් දේශීයව නිෂ්පාදනය කරනු ලබනව.

ඉතිරි ප්‍රමාණය ආදේශක තෙල් සමඟ මිශ්‍රකර පොල්තෙල් ලෙස වෙළඳපොලට සැපයීමේ කූඨ ව්‍යාපාරයක් මේ වනවිට ක්‍රියාත්ම වන බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *