ඔක්තෝම්බර් මස මැදවනවිට නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍ර මෙරටට ගෙන්වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති අතර ලබන 15 වැනි දා වනවිට එහි පළමු තොගය ලෙස විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එතෙක් දෛනිකව විදෙස් ගමන් පලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ හිස් විදෙස් ගමන් බලපත්‍ර 30000ක් පමණක් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ දිනවල ආගමන විගමන ප්‍රධාන කාර්යාලය අසළ හා ප්‍රාදේශීය කාර්යාල අසළ‍ දිගු පෝලිම් පවතිනවා.

ඇතැම් ප්‍රාදේශීය කාර්‍යාල අසළ කලහකාරි තත්ත්වයන් ඇති වූ අතර පොලිසිය මැදිහත්ව එම තත්ත්වයන් පාලනය කළා.

මේ අතර ඇතැම් ප්‍රාදේශීය කාර්යාල අසළ තැරැව්කරුවන් ගැවසෙන බවටද විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි ජනතාව පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *