රාජ්‍ය නිලධාරින්ට ලබාදෙන වාහන බලපත්‍ර75 000ක් පමණ වසර පහක් තිස්සේ සිරවී ඇති බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට කරුණු ඉදිරිපත්කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ මහතා මේ බව පැවසුවේ ආනයන අපනයන පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයට එක්වෙමින්.

රනිල් වික්‍රමසිංහ රජයක් යටතේ රජයේ සේවකයින්ට වාහන බලපත්‍ර ලබාදෙන බවයි ඒමහතා වැඩිදුරටත් සඳහන් කළේ.

දේශපාලනඥයන් මහමඟ ගුටිකන මැරෙන යුගයක් නිර්මාණය නොකරන ලෙසත් , රටවැසියන් පෝලිම්වල ඇද වැටෙන යුගය නිමාකළ ජනාධිපතිවරයාට ජනතාව කෘතවේදීත්වය දක්වනු ඇතිබවට තමන් අපේක්ශා කරන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසුවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *