ඡන්ද ප්‍රචාරනය සඳහා ගෙන් ගෙට පෙළපාලිවලින් ගමන් කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අද පොලිසීයට දැනුම් දුන්නා.

ඒ සඳහා ජංගම මුර සංචාර වැඩිකරන ලෙසයි පොලිසීයට මෙහිදී නියෝග කළා.

කෙසේ වෙතත් ඇතැම් දේශපාලන පක්ෂ කණ්ඩායම් මෙවැනි පෙළපාලි යන බවට ,පැමිණිලි රැසක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

එවැනි ක්‍රියා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බාධාවක් බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.

මේ අතර නීති විරෝධි ලෙස පවත්වාගෙන යන මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට විරුද්ධව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී පොලීසියට නියෝගකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *