සමගි ජනබලවේගයේ මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අයෙකුගෙන් තමාද එම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශයක් ලබා ගෙන තමන්ට චෝදනාවක් එල්ලකිරීමට පිරිසක් කටයුතු කර ඇතැයි පවසමින්.

මේ අතර බන්ධනාගාර ගතකර සිටින අදාළ පුද්ගලයාගේ නීතිඥ වරුන්ද අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනබවටද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *