දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරින්ගේ විශේෂ සාකච්ඡාවක් එළඹෙන 10 වනදා කොළඹදි පැවැත්වෙනවා.

ඒ ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහායි.

මැතිවරණය සඳහා සුමට හා කාර්‍යක්ෂම සූදානමක් සහතික කිරීම මෙයින් අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිළිබඳ විස්තර සහ මැතිවරණ රාජකරි සඳහා අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව ඇතුළු සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ මැතිවරණ නිලධාරින් දැනුවත් කිරීමද මෙහිදි සිදුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *