ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති හෙයින් මැතිවරණ නීති රීතිවලට අනුකූල නොවන ලෙස පෞද්ගලික බස් රථ ත්‍රි රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයින් සහ එක් එක් පක්ෂවල ප්‍රචාරණ කටයුතු සඳහා අලවා ඇති ස්ටිකර් සහ කොඩි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසුවා.

ඒ අනුව එවැනි ක්‍රියා 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා පත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වගන්තිය යටතේ වරදක් බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.

එවැනි ස්ටිකර් බැනර් කොඩි ආදිය සියළු රථ වාහනවලින් ගලවා ඉවත්කළ යුතු බවයීම කොමිසම දැනුම් දෙන්නේ.

ඒ පිළිබඳව සොයා බැලීම සඳහ සෑම පොලිස් බලප්‍රදෙශයක්ම ආවරණය වන පරිදි හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසට පොලිසියට දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *