කූඨ ලේඛන සකස්කර දූෂිත ලෙස මෙරටට ඖෂධ ගෙන්වූ ඖෂධ සමාගම් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් ගනුදෙනු සිදුකරන බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිල්ලක් භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

මේ සම්බන්ධයෙන් නිලධාරින් මෙන්ම බලධාරින්ද වගකිවයුතු බවත්, නව රජයක් යටතේ දූෂිත නිලධාරින් සේම බලධාරින්ද ඉවත්වන බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘතීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මෙරට ඖෂධ මාෆියාව තුළ සිටින වැඩි පිරිස රජයේ සේවකයින් බවද ඒ මහත වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *