ශ්‍රි ලංකාවෙන් චීන වෙළඳපොලට තිරිඟු නිවුඩු පෙති ( wheat Bran Pellets ) අපනයනය කිරීම සම්බන්ධ ක්‍රියාපටිපාටිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

තිරිඟු පිටි සැකසීමේදි මෙරටට ආනයනය කරනු ලබන තිරිඟු බීජ වලින් 20% ක පමණ ප්‍රමාණයක් නිවුඩ්ඩ ලෙස ඉවත් කරනු ලබනවා.

මෙසේ ඉවත් කරනු ලබන නිවුඩ්ඩ , තිරිඟු නිවුඩු පෙති ලෙස චීනයට අපනයනය කිරීම මඟින්විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාවක් පවතිනවා.

ඒ සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමට දෙපාර්ශවය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමේ අවශ්‍යතාව හඳුනගනු ලැබ තිබෙනවා.

කෙටුම්පත් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම සඳහා විදේශ අමාත්‍යංශයේද එකඟතාව ලබා දී තිබෙනවා.

ඒ අනුව එකී අවබෝධතා ගිවිසුම කෘෂිකර්ම සහ වැවිලි කර්ම්නාන්ත ආමත්‍යංශය සහ මහජන චීන සමුහාණ්ඩු රේගුවේ සාමන්‍ය පරිපාලනය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *