වවුනියාව තාඩික්කුලම් ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

අදාළ ඉඩමේ හිමිකරු විසින් එම ඉඩම එළි පෙහෙළි කිරීමට යාමේදි මෙම උණ්ඩය හමුවී ඇති බවත් පසුව පොල්සියට කළ දැනුම් දීමකින් පසු එය පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් බවට තහවුරු කරගත් බවයි පොලිසිය පවසන්නේ.

එය පසුගිය යුධ සමයේ එල්.ටී.ටී. ඊ ත්‍රස්තවාදින් විසින් පසුව ගොඩ ගැනීමේ අරමුණින් වළදැමූ මෝටාර් උණ්ඩයක් බවයි වාර්තා වන්නේ.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයද ඇතිව එම මෝටාර් උණ්ඩය එම ස්ථානයෙන් ඉවත් කිරීමට වවුනියාව පොලිසිය කටයුතු කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *