ජනාධිපතිවරයා තේරි පත්වීමෙන් පසු ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ආකාරය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් පැහැදිලි කෙරුනා.

ඒ අනුව නවවැනි විධායක ජනාධිපතිවරයා තේරි පත්වූ පසු දින 10- 12 ත් අතර කාළය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වනවා.

සැප්තැම්බර් මස 21 වනදා රාත්‍රියෙන් පසු එම අවස්ථාව ජනාධිපතිවරයාට හිමිවන බවයි ඒ පිළිබඳව පැහැදිලි කරන මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

ඈඅ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 35 ත් 44ත් අතර කාළය තුළ මහමැතිවරණය පැවැත්විය යුතු වනවා.

කෙසේ වෙතත් අවශ්‍යතාවය මත දින 52ත් 66 ත් අතර උපරිම කාළයක්ද ඒ සඳහා ගත හැකි වනවා.

මේ ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපති වරයාගේ අභිමතය පරිදි සිදුකළ හැකිවන අතර , එසේත් නොමැතිනම් පවතින පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන තෙක් පවත්වාගෙන යාමද ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *