දින ගණනාවක් තිස්සේ උතුරු වියට්නාමය, ලාඕසය, තායිලන්තය සහ මියන්මාරය යාගි සුළි කුණාටුව හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්වුණා.

සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 233 ක් සහ මියන්මාරයේ 36 ක් ඇතුළුව රටවල් හතරේ සමස්ත මරණ සංඛ්‍යාව 280 ක් ලෙස වාර්තා වූ අතර බොහෝ පුද්ගලයින් අතුරුදහන් වීමත් සමඟ එය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට යාගි සුළි කුණාටුව මියන්මාරයට බලපෑම් එල්ලකරමින් සිටින අතර වර්ෂාපතනයෙන් තායිලන්තයේ උතුරු පළාතේ චියැං රායි ද ජලයෙන් යටවී ඇති අතර, නිවාස සහ ගං ඉවුරේ ගම්මාන ජලයෙන් යටවීම හේතුවෙන් එහි ජනතාව මුදවා ගැනීමට ගලවා ගැණීමේ කණ්ඩායම් දැඩි වෙහෙසක් දරනවා.

මේ අතර විපතට පත්වූවන්ට ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම්වල හිඟයක් පවතින බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මිනිසා විසින් සොභාදහමට එල්ලකරන බලපෑම් හමුවේ මෙවැනි ස්වාභාවික විපත් දිගින් දිගටම සිදුවන බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ කුඩා දූපත් රාජ්‍යයන් එම විපත්වල දරුණුතම බලපෑම්වලට ගොදුරු වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *