මධ්‍යම ජපානයේ හිමකජිමා දූපතේ වෙරළ තීරයේ සංචාරක ගෙකිඩන් පෙන්ටර්ස් සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය සමඟ මුහුදේ දියනමින් සිටි ” පෙන් ” නමින් හඳුන්වන කේප් පෙන්ගුයින් පැටවා අතුරුදන්ව සිට සති දෙකකට පසු නැවත සොයාගෙන තිබෙනවා.

පැවති අධික උෂ්ණත්වය හේතුවෙන් මුහුදේ දියනාමින් සිටියදි එම පැටවා වටා තිබූ ආරක්ෂක වළල්ලෙන් මිදී මෙම පැටවා දුරට පිහිනාගොස් තිබෙනවා.

එළෙස අතුරුදන්වූ පෙන්ගුයින් පැටවාගේ භාරකරු සුළි කුණාටුව අතරතුර කිලෝමීටර 45 ක් පමණ දුර සොයා ගොස් එම් පෙන්ගුවින් පැටවා සොයාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්ත කරනවා.

පෙන්ගුයින් පැටවාගේ භාරකරු වන Ryosuke Imai ප්‍රකාශ කරන්නේ එය ආශ්චර්යමත් සිදුවීමක් බවයි.

අප්‍රිකානු පෙන්ගුවින්ට දිනකට කිලෝමීටර් 40ක් (සැතපුම් 25ක්) පිහිනා යා හැකි නමුත් මෙම පැටවා සත්වෝද්‍යානයක හුරතලට ඇතිකරන සත්ත්වයෙක් බැවින් ඔවුන්ගේ මාංශ පේශි ස්කන්ධය අඩු වන නිසා එතරම් දුරක් යා නොහැකි නිසාවෙන් “පෙන්” සොයා ගැනීමට නොහැකිවෙයැයි බියෙන් තමන් මහත් පීඩාවට පත්වූ බවයි එම පැටවාගේ භාරකරු වන ”ඉමායි ” ප්‍රකාශ කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *