අද සිට ආරම්භවන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ඉල්ලුමට සරිලන පරිදි අතිරේක බස් රථ 60 ක් ධාවනයට එක් කිරීමට ජාතික ගමනාගමන මණ්ඩලය කටයුතු කරනවා.

එමෙන්ම නියමිත කාලසටහනකින් තොරව අමතර බස් රථ ධාවනයට එක්කිරීමටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙන්නේ.

මේ අතර සංචාරකයින්ට තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන විශේෂ දුම් රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම් රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *