අන්තරාදායක ඖෂධවන විවිධ වර්ගයේ මත් කරල් අළෙවි කළ පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්‍ය බලකයේ පස්සර කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව බදුල්ල මහ රෝහල ඉදිරිපිට ඖෂධ අළෙවි සැලක ඊයේ සිදුකළ වැටලීමකදි මෙම සැකකරුවන් සහ මත්කරල් තොගයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව අළෙවි කිරීමට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් අන්තරදායක ඖෂධවන විවිධ වර්ගයේ මත්කරල් 891 අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

මෙහිදි අත් අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනා බදුල්ල සහ දෙමෝදර ප්‍රදෙශයේ පදිංචි වයස අවුරුදු 46 සහ 58 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සහ මත් කරල් තොගය වැඩිදුර විමර්ශණ සඳහා බදුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරින් වෙත භාරදීමට කටයුතු කළ බවයි විශේෂ කාර්‍ය බලකයේ නිලධාරින් පවසන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *