2024 ජනාධිපතිවරණය වෙනදාට වඩා තීරණාත්මක ඡන්දයක් වීම නිසාවෙන් ඡන්ද ඔට්ටු ඇල්ලීමද අසීමිත ලෙස වැඩි වී ඇති බව වාර්තා වනවා.

ඇතැම් පුද්ගලයින් ගේ දොර , ඉඩකඩම්, යාන වාහන වැනි කෝටි ගණනක් වටිනා දේපල ඔට්ටු අල්ලා තිබෙනවා.

තවත් බොහෝඅ දෙනා , ඔට්ටුව පැරදුනහොත් සිය කොණ්ඩය බූ ගෑම , මහ මඟ පැය ගණ්නක් හිටගෙන සිටීම ආදි වශයෙන්ද ඔට්ටු අල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් , තේ ඉඩම් හිමිකටුවන් වැනි විවිධ තරාතිරම්වල , විවිධ රැකියා මට්ටම්වල පුද්ගලයින් මෙලෙස ඔට්ටු අල්ලා ඇති අය අතර වනවා.

ඇතැම් පුද්ගලයින් නීතිඥවරුන් ඉදිරියේද අත්සන් කරමින් ඔට්ටු තබා තිබෙනවා.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ ඔට්ටු ඇල්ලීම සිය පෞද්ගලික කාරණාවක් බැවින් එය මැතිවරණයට බාධාවක් නොවන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *