කර්මාන්තශාලා සේවකයින් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් බංග්ලාදේශයේ ඇගලුම් කර්මාන්තශාලා 219 ක් වසා දමා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

දීමනා රැසක් ඉහළ දමන ලෙස පාලනාධිකාරියට බලකරමිනුයි මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ.

ඒ හේතුවෙන් මෙ වනවිට කර්මාන්තශාලා රැසක් දින නියමයකින් තොරව වසා දමා තිබෙනවා.

විරෝධතා ඇතිවීම වැළැක්වීමේ අරමුණින් එරට තවත් කර්මාන්තශලා 133ක සේකයින්ට පොදුවේ නිවාඩු ලබා දී තිබෙනවා.

කෙසේ නමුත් ඩකා නගරයේ කර්මාන්තශාලා 88 ක් පාලනාධිකාරියේ මෙහෙයවීමෙන් බාධාවකින් තොරව ක්‍රියතමක වන බවද වාර්තා වනවා.

සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීම සඳහා ප්‍රදේශීය දේශපාලනඥයින්ගේ මැදිහත්වීමෙන් කමිටු පිහිටුවා ගත්තද , කර්මාන්තශාලවල ආරක්ෂාව සඳහා ගැටළු පවතින බවයි කර්මාන්තශාලා හිමිකරුවන් පවසන්නේ.

මෙම ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් හැකි ඉක්මනින් නොලැබුනහොත් එම අංශය ඉදිරියේදි දැඩි අර්බුධයකට ලක්වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *