2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් සිය ප්‍රවර්ධන කටයුතු සඳහා Meta Ads සඳහා වියදම් කර ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වනවා.

ඊට හේතුව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන දත්ත වාර්තාවක්.

එම වාර්තාවේ සඳහන් දත්තවලට අනුව , මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින 90ක කාලය තුළ Meta Ads සඳහා රුපියල් 33 230 360 ක මුදලක් වැය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් 32 514 220 ක මුදලක් ගත වූ දින 90ක කාළය තුළ වැයකර තිබෙනවා.

ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අනුර කුමාර දිසානායක මහත රුපියල් 7 142 795 ක මුදලක් වැය කර ඇති බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර ජාතික ප්‍රජාතාන්ත්‍රවාදි පෙරමුණ පක්ෂය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා රුපියල් 8 579 955 ක මුදලක් වැය කර තිබෙනවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාමල් රාජපක්ෂ මහතා සිය ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා 665 202 ක මුදලක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මව්බිම ජනතා පක්ෂයේ ජනපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා රුපියල් 1 631 750 ක මුදලක් වැය කර තිබෙන බවද එම වාර්තාවේ දැක්වෙනවා.

මීට අමතරව එක්සත් ලංකා පොදුජන පක්‍ෂයෙන් ජනපතිවරණයට ඉදිරිපත්වන ජනක රත්නායක මහතා 1 907 165 ක මුදලක් සිය ප්‍රචාරණ කටයුතු සඳහා වැය කර තිබෙන බවයි අදාල වාර්තාවේ දැක්වෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *