මෙවර ජනාධිපතිවරණයට අදාළ සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වනවා.

මෙම නිහඬ කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වනවා.

එය පිළිනොගෙන මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට පූර්ණ බලය පවරා තිබෙනවා.

එමෙන්ම මැතිවරණ කොට්ඨාශයට අදාළ මැතිවරණ කාර්යාලය පවත්වා ගෙන යාම සඳහා බලය හිමිවන බවත් , අනෙකුත් ඡන්ද කාර්යාල 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිටිඅ ඉවත්වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ.

එම ඡන්ද කාර්යාල එම පක්ෂ නියෝජිතයින් විසින් ඉවත් කර ගැනීමට ක්‍රියා නොකරන්නේනම් , පොලිසිය විසින් එම කාර්යාල ඉවත් කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *