ජනාධිපතිවරණයේදි සිය ඡන්දය භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලමින් හිටපු මැතිවරණ කොමසාරිස් අත් පත්‍රිකා බෙදා දෙමින් ජනතාව අතරට ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද අම්බලන්ගොඩ දුම් රිය ස්ථානයේදි ජනතාවට අත්පත්‍රිකා බෙදා දුන් බවයි වාර්තා වන්නේ.

ඡන්දය භාවිත කිරීම පුද්ගල අයිතියක් බවත් , ඒ අයිතිය නොසළකා හැරීමෙන් වළකින ලෙසත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදි ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එහිදි තව දුරටත් අදහස් පල කළ ඒ මහතා පැවසුවේ මෙය ඡන්දයේ වටිනාකම පෙන්වා දීමක් මිස , යම්කිසි අපේක්ෂකයෙකු වෙනුවෙන් සිදු කරන මැතිවරණ ප්‍රචාරණයක් නොවන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *