මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා අදාළ එක්සත් ජනතා පොදුජන පක්ෂය ලබා දීම වෙනුවෙන් අල්ලසක් ලබා ගත් එම පක්ෂයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට ඇප ලබා දී තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි අද එළෙසට ඇප නියම කෙරුණේ.

අල්ලස් ලෙස ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 300 ක මුදලක් ලබාගෙන තිබෙනවා.

එක්සත් ජනතා පොදුජන පක්ෂයේ සභාපති හේවා වලිමුණිගේ නිහාල් ප්‍රේම කුමාර සහ ලේකම් රුවන්තිලක පේදුරු ආරච්චි යන සැකකරුවන්හට මෙළෙස ඇප නියම කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *