අනුරාධපුර දුම්රිය රථගාලේ නවතා තිබූ දුම්රිය නියාමකවරයෙකුට අයත් යතුරුපැදියක් මත තිබූ ආරක්ෂිත හිස්වැසුමක් සොරා ගැනීමක් හේතුවෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය නියාමකවරු අද උදෑසන සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කළා.

ප්‍රධාන දුම්රිය නියාමක පී.කේ.පි පීරිස් මහතාට අයත් ආරක්ෂිත හිස් වැසුමයි එළෙස සොරකම් කර තිබුණේ.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ පිහිටි රථගාලේ නිසි ආරක්ෂාවක් නොමැති නිසා වෙනත් ආරක්ෂිත ස්ථානයක රථගාලක් ඉදිකර දෙන ලෙස ඉල්ලමිනුයි , දුම්රිය නියාමකවරුන් පහළොස් දෙනෙකු සේවයෙන් ඉවත්වී මෙළෙස වර්ජනයේ නිරත වුණේ.

මෙම වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ අනුරාධපුර සිට කිළිනොච්චිය දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියත් අනුරාධපුර සිට මැදවච්චිය දක්වාත් , මැදවච්චියේ සිට අනුරාධපුරයටත් ධාවනය වීමට තිබූ රේල් බස් දෙකත් ධාවනය නොවූ බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මෙම ගැටළුව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමන්‍යාධිකාරිවරයා සහ , දුම්රිය වෘතීය සමිති නියෝජිතවරුන් අද කොළඹ පැවති සාකච්ඡාවේදි , අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලට ආරක්ෂක නිලධාරිවරයෙකු යෙදවීමට පාලනාධිකාරිය එකඟවීමෙන් වර්ජනය අවසන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *