අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාට අයත් දේපොළ කිහිපයක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් බව කියන ඉඩම් තුනක් සහ වාහන තුනක් විමර්ශන කටයුතු සඳහා දූෂණ විරෝධී පනත යටතේ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය අදාළ දේපොළ දෙසැම්බර් මස 18 වනදා දක්වා තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *