කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනව.

තුවාලලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 43ක් වන නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ රාත්‍රීයේ සිය වෙළඳ සැල තුළ සිටියදි මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *