ජනාධිපතිවරණ රාජකාරි සඳහා සහභාගිවන රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නිලධාරින් සඳහා විශේෂ දුම්රියක් අද සිට ක්‍රියාත්මකයි.

දුම්රිය නියෝජ්‍ය සාමන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොලගේ මහතා පැවසුවේ අද සිට 21 වනදා දක්වා කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර එම දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි.

එම දුම්රිය අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන අතර කුරුණෑගල, අනුරාධපුරය , යන දුම්රිය ස්ථානවල නතර කර නැවත කන්කසන්තුරය දුම්රිය ස්ථානය වෙත ගමන්කිරීමට නියමිත බවයි දුම්රිය නියෝජ්‍ය සාමන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොලගේ මහතා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *