මේ වනවිට දිවයින පුරා බලපැවැත්වෙන නිහඬ මැතිවරණ කාලසීමාව තුළදී එය තව දුරටත් ප්‍රශස්ත අන්දමින් පවත්වා ගන්නා ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පවසනවා.

ඒ අතර නව නීති අණ පනත් යටතේ මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයින් හට ලබා දෙන දඩ මුදල් සහ දඬුවම් ප්‍රමාණයද ඉහළ බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

එබැවින් කිසිඳු ආකාරයකින් මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාලාවල අසත්‍ය ප්‍රචාර පැතිරවීම, ස්ථානවල පෝස්ටර්ස් ඇලවීම යනාදිය හෝඅ කණ්ඩායාමක් සමඟ හෝ එවන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක යෙදුනහොත් සිරගතවීමට පවා සිදුවිය හැකි බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පැවසුවේ.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර්ස් ඇළවීම සඳහා දඩ මුදල ලෙස එක් පෝස්ටරයක් සඳහා රුපියල් 50000 ක දඩයක් නියම කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *