මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද මේ බව පැවසුවා.

විභාග ගැටළුව සම්බන්ධ මූලික පරීක්ෂණ වාර්තාවත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරන බවත්, එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කටයුතු කිරීමට ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *