ආරක්ෂක ලේකම් එච්.එස්.එස් .තුයිය කොන්තා මහතතාට ආරක්ෂක අමත්‍යංශයෙන් නිකුත්කර තිබු ඩිෆෙන්ඩර් රථය මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ ඩිෆෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේදි
දියවන්නා වගුරු බිමට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු පමණක් එහි සිට ඇති අතර අනතුරින් ඔහුටද කිසිදු හානියක් සිදුව නැහැ.

ආරක්ෂක ලේකම්වරයා අමාත්‍යංශයේ සිට රැගෙන ඒම සඳහා ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා මෙම අනතුර සිදුව ඇති බවත් , අනතුරින් රථයට දැඩි හානි සිදුව ඇති බවද පොලිසීය සඳහන් කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *