ඊශ්‍රායල ගුවන් හමුදාව බීරුට් අගනුවරට ඊයේ ප්‍රහාරයක් එල්ල කළා.

එම ප්‍රහාරයෙන් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ පස්වරුවේ සිට ඊශ්‍රායලය ගුවන් හමුදාව ප්‍රහාර මාලාවක් දියත් කළා.

එම ගුවන් ප්‍රහාර හමුවේ හිස්බුල්ලා නායකයා මිය ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම ප්‍රහාරවලින් තවත් 6 දෙනෙකු මිය ගොස් 91 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *