ජනාධිපති ලේකම් කාර්යාලය පිටත පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කළා.

නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර තිබෙනවා.

එම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එය එම වාහන ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් සිදුකර නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *