2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ. රොබින්සන් අතරේ බෙදී ගියේය.

දේශපාලන ආයතන අතර සබඳතා ගොඩනඟා ගනිමින්  ආර්ථික සංවර්ධනය අඛණ්ඩව, දීර්ඝකාලීනව සාර්ථකත්වයට පත් කර ගන්නා ආකාරය ගැන ඔවුන් කළ අධ්‍යයනයන් හා ඉන් හෙළිදරවු කරගෙන ලොවට දායාද කළ නව න්‍යායාත්මක දැනුම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය ඔවුන් තිදෙනාට පිරිනැමීමට නොබෙල් සම්මාන ප්‍රදාන කමිටුව විසින් තීරණය කරනු ලැබීය.

ඩේරියන් ආසේමෝගුලුස් හා සයිමන් ජොන්සන් යන දෙදෙනා මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ මහාචාර්යවරුන් වන අතර ජේම්ස් ඒ. රොබින්සන් චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

රටවල් ධනවත් රටවල් වී ඇත්තේත්, දිළිඳු රටවල් වී ඇත්තේත් කෙසේදැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින්, රටක සංවර්ධනය සඳහා සමාජයික ආයතනවල ඇති වැදගත්කම පෙන්වාදීම පිළිබඳ කළ මෙහෙවර ඇගැයීමට ලක් කරමින්, ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ. රොබින්සන්ට මෙවර ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග පිරිනමන බව නොබෙල් කමිටුව පැහැදිලි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *