පාස්කු ප්‍රහාරය සිදුවන බවට රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  රවී සෙනවිරත්න මහතාට දැනුම් දී තිබූ බව පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පැවැත් වූ කමිටුවේ  වාර්තාවේ සඳහන් වන්නේ යයි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

රවී සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයාය.

ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ එම  විමර්ශන වාර්තාවේ  කරුණු හෙළිදරව් කිරීම සඳහා අද  පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරණයට පෙර ජනපති රනිල් වික්‍රමසිංහ  පත් කළ කමිටුව දුන් වාර්තාව සම්බන්ධයෙන් ඔහු මෙම කරුණු ඉදිරිපත් කළේය.

විශ්‍රාමික විනිසුරු එස් අයි.ඉමාම් මහතා එම විමර්ශන කමිටුවේ සභාපතිවරයාය.

සහරාන් ඇතුළු පිරිස  කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරමින් සිටින්නේ යැයි විදේශ බුද්ධි අංශයෙන් දැනුම් දී ඇති  බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර තිබූ බවද ඔහු වැඩිදුරටත්  කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *