ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගය අවස්ථාවේදී ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරගය සඳහා වැස්සෙන් බාධා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පන්දුවට පහර දීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවේදී අධික බීමතින් සිටි බව කියන එම පුද්ගලයා එක්වරම ක්‍රීඩාපිටියට පැන පන්දුවට පහර දීමට පැමිණ සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඳ නමස්කාර කිරීම සඳහා ඔහු ක්‍රීඩාපිටියට ඇතුළු වූ බවයි .

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22 හැවිරිදි තරුණයෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *