ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම් උත්සන්න වී ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට තනිව තරග කිරීමට ශ්‍රීලනිපය සුදානම් වන බව ආරංචි මාර්ග සදහන් කරයි.

දැනටම ශ්‍රීලනිපය පුරප්පාඩු වී ඇති ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් සංවිධායකයන් පත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.

පළාත් පාලන ආයතන වල අයවැය ඡන්ද විමසීම් වල දී තමන්ට කැමති තීන්දුවක් ගන්නැයි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය .

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති විය. මෙය මෙම පක්ෂ 2 අතර ගැටුමේ උච්චතම අවස්ථාවක් විය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර ගෙනයන බවට පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මෙම ආණ්ඩුවේ 2/3 තිබෙන්නේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙන සතුව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *