ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සහ ඔ්මානය අතර ණය පහසුකම් ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම ඉදිරි සතියේ දී අත්සන් තැබීමට නියමිත බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එම ණය පියවීම සඳහා වසර 5ක සහන සමග වසර විස්සක කාලයක් යටතේ මෙම ණය පහසුකම ලබා ලැබෙන බවද ඇමැතිවරයා පැවසීය.

දැනටමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 18ක් පාඩු ලබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරටට ඉන්ධන වියදම ලෙස මසකට ඩොලර් මිලියන 350ක් පමණ වියදම් වැයවන අතර මෙම ණය මුදල වසරක පමණ ඉන්ධන වියදමට ප්‍රමාණවත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *