නව ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ඉදිරිපත් කෙරෙන එළඹෙන 25 වැනිදා උතුරු නැගෙනහිර පළාත්වල පූර්ණ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නැයි දැන් දෙමළ ජාතික සන්ධානය විසින් එම ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබේ.

උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු, ආගමික ස්ථාන පිළිබඳ ගැටලූ, පුරා විද්‍යා ස්ථාන ආශ්‍රිතව ගැටලු, දෙමළ ජාතිකයන්ගේ ඉඩම් අයිතිය කොල්ලකෑම ආදී තවත් කරුණු ද මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා එක් කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.

හර්තාලය සංවිධානය කර ඇති විසි පස්වෙනිදා දෙපලාතේ සියලුම කඩා සාප්පු වසා දැමිය යුතු බවට.්
වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කල යුතු බවටත්, රජයේ සේවකයන් ද හර්තාලයට සහාය දැක්විය යුතු බවටත් සංවිධායකයින් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *