පසුගිය වසරේ මැයි 09 වනදා ගාලුමුවදොර පැවති අරගල භූමියට පහරදීමේ සිද්ධියත් සමග මෙරට දේශපාලකයින්ගේ සහ දේශපාලනයට සම්බන්ධ පවුල්වල සාමාජිකයින්ගේ නිවාස ගිනි තැබීම සිදු වුණා.

අනතුරුව මේ සම්බන්ධව වින්දිත පාර්ශ්වයන් වෙතින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ද ඉදිරිපත්ව තිබුණා.

ඒ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර අදාළ පැමිණිල්ල සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමට අමාත්‍යවරයා කොමිෂන් සභාව වෙත මීට පෙර අවස්ථාවකදී ද කැඳවා තිබුණා.

ඊයේ (24) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉදිරියේ කරුණු පැහැදිලි කිරීමට ඔහුට අවස්ථාව හිමිව තිබූ අතර ගිනි තැබීමට අදාළ සාක්ෂි ද කොමිසම වෙත භාර දීමටයි අමාත්‍යවරයා එහිදී කටයුතු කර තිබුණේ.

එම දත්ත මත පදනම්ව ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට සුදානමින් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය අංශය නිවේදනයකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *