යාපනය, වඩමාරච්චි නැගෙනහිර, වල්ලිපුර අල්වා කෝවිල මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා මාර්ග බාධකයකදී පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් යටකර පළා යාමට උත්සහ කළ ටිපර් රථයක රෝදයකට වෙඩි තබා, ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පේදුරුතුඩව පොලිසිය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත හදිසි මාර්ග බාධකයක් යොදා මනල්කාඩු ප්‍රදේශයේ වාහන සෝදිසි කිරීමක් සිදුකළ බවයි.

එහිදි මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු ටිපර් රථයක් නවත්වන ලෙසට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් සංඥා කොට ඇති අතර, පසුව ටිපර් රථ රියදුරු ටිපර් රථය නොනවත්වා ධාවනය කොට තිබිණ.

ටිපර් රථ රියදුරු මාර්ග සෝදිසි කිරීම් සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් යටකර යාමට උත්සහ කොට ඇති අතර, එහිදි පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ටිපර් රථයේ රෝදයකට වෙඩි තබා ටිපර් රථය නවත්වා ,ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පේදුරුතුඩුව පොලිසිය වෙත ඉදිරිපත් කොට තිබූ අතර පේදුරුතුඩුව පොලිසිය හරහා පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටද පේදුරුතුඩුව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *