බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ග්‍රාමීය මට්ටමින් කමිටු පිහිටුවීමට තීරණය කර තිබේ.
ඒ, ස්ථාපිත ජනාධිපති කාර්යය සාධක බලකාය මගිනි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ, ආණ්ඩුකාරවරයා සමග ඊයේ (15) පැවති සාකච්ඡාවේදී ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළව නව ක්‍රියාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන් තීරණවලට එළැඹි බවයි.

මේ අතර ඉදිරි මෝසම් වැසි සමග ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය සඳහන් කළේ, ඊයේ (15) දිනය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 412 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඉන් රෝගීන් 261 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර රෝගීන් 132 ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 98 දෙනෙකු වාර්තා වන බව ඇය පැවසුවාය.

ඩෙංගු රෝගීන් 34,109 දෙනෙකු මේ වනවිට දිවයිනෙන් වාර්තා වේ.

ඉන් 50% ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *