ආගමන විගමන දෙපාර්තමේන්තුව අසලදී පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කළ තැරැව්කරුවන් 09 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝගයක් අනුවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසලදී විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක්ද මොවුන් ලබාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී ඇති අතර ඒ අනුවයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිළිබඳවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *